කොවිඩ් අවධානමින් මිදීමට පාසල්වලටත් උපදෙස් මාලාවක්

අවදානම් තත්වය පහවගොස් ඉදිරියේදී පාසල් නැවත විවෘත කළද පාසල් ආපන ශාලා තවදුරටත් වසා තැබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

සියලූම සිසුන් ආහාර තම නිවෙස් වලින්ම රැගෙන ඒම වඩාත්ම සුදුසු වන බවයි එම උපදෙස් මාලාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර අග හිගකම් ඇති දරු දැරියන් සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෙන් ආහාර සපයා දීමට කටයුතු කළයුතු බවද දිවා ආහාර වැඩසටහන කි‍්‍රයාත්මක කෙරුණු පාසල්වල දරු දැරියන්ට නැවත එය ආරම්භ කරන තුරු වියළි ආහාර ලබාදිය හැක බවද එහි සඳහන්.

ආහාර හෝ පාන වර්ග හුවමාරු කර ගැනීම දරු දැරියන් නොකළ යුතු බවත්, ඒ සදහා අවස්ථාව ලබා නොදිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දුන් උපදෙස්වල සදහන් වෙනවා.

එමෙන්ම ජල කරාමයෙන් කෙලින්ම ජලය පානය කිරීම අවදානම් බැවින් නිවසින් රැගෙන එන ජල බෝතල් භාවිතා කිරීමට දරු දැරියන් උනන්දු කළ යුතු බවටත් එහි සඳහන්.

දැරු දැරියන් අතර පෙළපොත්, සටහන් පොත් සහ පාසල් උපකරණ හුවමාරුවද නව කොරෝනා වෛරසය පාලනය කරන තෙක් නතර කළයුතු වේ. මෙම සියලූ උපදෙස් සඳහා පාසල්වල කාර්යය මණ්ඩලයද අනුගත විය යුතු බවයි උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *