ගලිගමුවේදී බස් රථයක් හා ත්‍රී රෝදරථක් ගැටීමෙන් දෙදෙනෙක් මරුට

නුවර – කොළඹ මාර්ගයේ ගලිගමුව පාසල සමීපයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ. මහනුවර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවටයි වාර්තා වන්නේ. අනතුර සිදුවී ඇත්තතේ අද උදෑසන 5.30ට පමණ වන අතර සිද්ධියෙන් මියගොස් පත්ව ඇත්තේ ත්‍රි රෝද රථයේ පිටුපස ගමන් ගත් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවකි. තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. ත්‍රිරෝද රථ රියදුරුට නින්ද යෑම මෙම අනතුරට සිදුවීමට හේතුවී ඇති බවට වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *