කොරෝනා වෛරසය මෙරටට පැමිණිම වැලැක්වීමට ගුවන්තොටුපළ සෞඛ්‍ය අංශ සීරුවෙන්

චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ සෞඛ්‍ය අංශ සීරුවෙන් තබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. චීනයේ සිට සෙම්ප්‍රතිෂ්‍යාව සහිතව පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවත් දැනට එම රෝගය මෙරට තුළ ව්‍යාප්තවීමේ අවධානමක් නොමැති බවටත් වාර්තා වේ.

මේ අතර සෞඛ්‍ය සේවා නිලධාරීන් අවධාරණය කර සිටින්නේ චීනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට එම වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම අනුගමනය කරන ලෙස ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *