ගර්භනී කාන්තාවන්ට අනුගමනය කිරීමට උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සමග රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් කර තිබේ.

එම උපදෙස් මාලාවට අනුව උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව (Fits), පපුව / උදර වේදනාව, දරුවා දැඟලීම අඩුවීම, ශරීරයේ ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවයක් ඇති ගර්භනී කාන්තාවන් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු විය යුතු බවටයි අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටින්නේ.

එමෙන්ම ගුණාත්මක සේවාවක් සැපයීම උදෙසා රෝහල්වල ඇතිවන තදබදය අවම කිරීමේ අරමුණින් සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යාමට කටයුතු කරන ලෙසටයි ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දි ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *