ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ත්ත්වයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. සෞඛ්‍ය ඇමාත්‍යවරිය විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙස එතුමිය එම නිවේදනය මගින් ඉල්ලා සිටී.