නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර මගහරිමින් සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නිරෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී.
බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් 495න් අඩක් පමණ ස්ථිර ලිපිනයන්වල නොසිටි බවත්, කොළඹ සෙසු ප්‍රදේශවල ඔවුන් සැඟවී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ කොවිඩ් පොකුර වාර්තා වූ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කළ සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක හෝ රෝහලක මිස මේ මොහොතේ නිවාසවල නොසිටිය යුතු බවත් මෙය ජාතික වගකීමක් සේ සලකා ආරක්ෂක අංශ හෝ සෞඛ්‍ය අංශවලට දන්වා වහාම නිරෝධායනට එක්වන ලෙසයි.