කෝවිඩ් මර්දන මෙහෙයුමෙන් නාවික හමුදාව ඉවත් වන පුවත අසත්‍යයි

කොවිඩ් – 19 මර්දනය කිරීමේ මෙහෙයුම්වලින් නාවික හමුදාව තාවකාලිකව ඉවත්වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

මෙම සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා සහ ‍පුවත් වෙබ් අඩවි කිහිපයකම පල කර ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් – 19 මැඩලීමේ ජාතික යාන්ත්‍රණය තුළ නාවික හමුදාව විසින් සිදු කරන කිසිදු මෙහෙයුමකින් නාවික හමුදාව ඉවත් වී නොමැති බවත්, ඒ සියලු කටයුතු සඳහා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබා දෙමින් කටයුතු කරන බවත් අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *