නව බලවේග දුම්රිය කට්ටල 9ක් පරීක්ෂණ ධාවනයේ යෙදවේ

චීනයේ සිට මෙරටට ආනයනය කෙරූ නව බලවේග දුම්රිය කට්ටලවල පරීක්ෂණ ධාවන මෙහෙයුම් විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් අද (06) දිනයේ රත්මලාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය. එම පරීක්ෂණ ධාවන කටයුතු රත්මලාන සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා සිදු විය.

බලවේග කට්ටල 09ක් ආනයනය කර තිබෙන අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා දැනට ප්‍රවාහණ සේවා නවත්වා ඇතත්, නැවත පොදු ප්‍රවාහණ සේවා ආරම්භ කළ පසු එම බලවේග කට්ටල 09ම පොදු ප්‍රවාහණ සේවාව සඳහා යොදවන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මෙම බලවේග කට්ටල 09ට රුපියල් මිලියන 18000ක් වැයවී තිබෙන අතර මීට අමතරව තවත්ආ සුඛෝපභෝගී දුම්රිය කට්ටල දෙකක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතය. මෙම නව දුම්රිය වායු සමනය කරන ලද මැදිරි දෙකකින්, භෝජනාගාරයකින්, වැසිකිළි පහසුකම් වලින් සමන්විතය. රූපවාහිනී පහසුකම්, වීඩියෝ තිර මගින් මගීන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමේ අමතර පහසුකම්ද තිබේ.

මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා දුම්රිය සේවාව ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම රජයේ අරමුණ බවත්, මහජනතාවගේ ආකර්ශනයට හේතුවිය හැකි අන්දමින් වේගවත් හා පහසුකම්වලින් යුත් දුම්රිය ප්‍රවාහණයට ඒක් කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *