ඊයේ කොරෝනා ආසාධිත යැයි කියූ තිදෙනෙකුට එම වෛරසය ආසාධනය වී නැති බව හෙළිවේ

කොලොන්නාව, රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුටත් ජාතික රෝහලේ ගෙවීම් වාට්ටුවේ සේවය කර ඇති හෙද නිලධාරිනියකටත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ (05) දිනයේදී වාර්තා වුවද ඔවුන්ට එම වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

ඔවුන් සදහා සිදුකළ පළමු PCR පරීක්ෂණ වලදී ඔවුන් “ඌණ ආසාධිතයින්” ලෙස හඳුනා ගැනීමත් සමග අවශ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග ගනු ලැබූ බවයි අනිල් ජාසිංහ මහතා කියා සිටියේ. ඒ අනුව පසුව සිදුකළ පරීක්ෂණ වලට අනුව ඔවුන්ට එම වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව එම පුද්ගලයින් කොරෝනා ආසාධිත ලැයිස්තුවෙන් ඉවත් කිරිමට කටයුතු කළ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *