කෝවිඩ් 19 නිසා උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව කැඳවන්න – සජිත් ජනපතිට කියයි

නව කොරෝනා වෛරසය ව්‍යප්තියත් සමග උද්ගතව ඇති වත්මන් තත්වය පිළිබද සැලකිල්ට ගෙන කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරිමේදී ගැටලුකාරි තත්වයක් මතුව ඇති බවත් ගුවන් තොටුපලෙන් රටට ඇතුලු වන සියලු දෙනාට එක්සේ නිරෝධායන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි.

දේශපාලන අරමුණු පලෙකලා මෙම තීරණය ගත යුතුව ඇති බවටයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *