කාදිනල් හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය වරයා අතර හමුවක්

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (12) පෙරවරුවේ අගරදගුරු නිල නිවසේදි පැවැත්විණි.

මෙම හමුවේදි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය සහ කොරෝනා වෛරසය පිළිබඳව අවධානය යොමු කළේය. එමෙන්ම බෝම්බ ප්‍රහාරයෙන් හානියට පත් වූ නිවාස සහ දේවස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා සහ කාදිනල් හිමිපාණන් මෙහිදි සාකච්ඡා කළේය.

මෙම හමුවට ලොහාන් රත්වත්තේ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා, නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *