කොළඹ වායු දූෂණය නැවතත් සීඝ්‍රයෙන් ඉහළට

ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී කර්මාන්ත ශාලා හා රථවාහන ගමනා ගමනයෙන් තොර වීමෙන් අවම අගයක් ගත් කොළඹ නගරයේ වායු දූෂණය ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග නැවතත් ඉහළ ගොස් තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පවසන්නේ, රථ වාහන ගමනාගමනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් වැඩි වීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. ඒ අනුව පසුගිය කාල සීමාවේ කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණයේ අවම මට්ටම ලෙස සටහන් වූයේ මයික්‍රොග්‍රෑම් 10ක් වුවත් ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමග මේ වනවිට මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් පමණ අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *