ඊලාම් යනු ලංකාවට කියන තවත් නමක් යැයි කියූ “ද ගාඩියන්” ට ලංකාවෙන් දැනුම්දීමක්

බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් අන්තර්ජාල පුවත්පතේ ශ්‍රී ලංකාවට ඊළාම් සම්බන්ධ කරමින් යොමුකර ඇති ප්‍රශ්ණාවලිය ඉවත් කරගන්නා ලෙසට ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර තිබේ. මෙම ප්‍රශ්ණාවලිය පළවී තිබී ඇත්තේ පෙරේදා (15) දිනයේයි.

සෑම සතියකම එම පුවත්පතේ මෙලෙස ප්‍රශ්ණ යොමුකරන අතර පසුගියදා එමගින් විමසා ඇත්තේ දුපත් පිළිබඳ ප්‍රශ්ණාවලියක්. එම ප්‍රශ්ණාවලියේ දෙවන ප්‍රශ්නය ලෙසට විමසා ඇත්තේ ඊළාම් යනුවෙන් දේශීයව හඳුන්වන දුපතේ නම කුමක් ද යන්නයි. ඊට අදාළ නිවැරදි පිළිතුර ලෙසට ඔවුන් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාව යන පිළිතුරයි.

ශ්‍රී ලංකාව පිළිතුර ලෙස තේරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳව තවත් හැඳින්වීමක් මතුවන අතර එහි සඳහන් වන්නේ “දිවයිනේ මෑත කාලීන සටන්කාමී කැරැල්ලක් ඇති කළ සංවිධානයේ සම්පූර්ණ නම LTTE – දෙමළ ඊලාම් විමුක්ති කොටි වේ.” ලෙසටයි.

මේ අතර මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව, මේ සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා විසින් ගාඩියන් පුවත්පතේ කතෘ එලිසබෙත් රිබන්ස් වෙත පිටපතක් සමග ප්‍රධාන කර්තෘ කැතරින් විනර් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රශ්ණය ඉවත් කරගන්නා ලෙසටයි. කෙසේවෙතත් මේවන විට “ද ගාර්ඩියන්” පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශනයේ පසුගිය 15 වෙනිදාට අදාළව තිබූ එම ප්‍රශ්ණාවලිය තුල මේ වන විට අදාල ප්‍රශ්ණය දැක ගැනීමට හැකියාවක් නැත.

ද ගාඩියන් ඉකුත් 15 වෙනිදා අදාළ ප්‍රශ්ණය විමසා තිබුණේ පහත ආකාරයෙන්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *