ඊයේ දිනයේ කොරෝනා ආසාධිතයින් 25ක්

මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 960ක් දක්වා ඉහළ ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ ඊයේ (16) දිනයේ කොරෝනා ආසාධිත රෝගීන් 25ක් වාර්තා වූ බවයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ එම ආසාධිතයින් 25 දෙනාගෙන් 23 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවත්, අනෙක් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ ආසාධිතයින් දෙදෙනෙක් බවයි.

එමෙන්ම මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 430ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 520ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *