කොළඹ පෞද්ගලික රෝහලකින් පැනගිය ආසාදිතයාව සොයාගනී

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් පළාගිය කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයාව දමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු ඉකුත් 25 වනදා අදාළ රෝහලෙන් පළාගොස් තිබුණි.

සිදුකළ විමර්ශන අනුව ඊයේ දිනයේ එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ වනවිට එම ආසාදිත පුද්ගලයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවය.

එම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ නීති ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *