Armed police security for election commission members who received threats

කොළඹ ආරක්ෂාව තර කිරීමට හේතුව පොලිසිය පැහැදිලි කරයි.

කොළඹ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කිරීමට කටයුතු යොදා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත ආරක්ෂාව තර කර ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට ලැබුණු බුද්ධි තොරතුරු හෙළි නොකළද කොළඹ විශ්වවිද්‍යාලය තුළ 750ක පමණ පිරිසක් කැරලිකාරී ලෙස හැසිරීමට සැලසුම් කර ඇති බවට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම පියවර ගෙන ඇති බව අද දෙරණ වාර්තා කළේය.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, බුද්ධි අංශ වෙත ලැබෙන අදාළ තොරතුරු පිළිබඳ යාවත්කාලීනයක් ලැබෙන තුරු අදාළ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *