කොවිඩ් වලින් ආරක්ෂාවීමට පාසැල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුලත් චක්‍රලේඛයක් හෙට නිකුත් කෙරේ

පාසල් නැවත ආරම්භ කිරීමේ දි කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් උපදෙස් මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක හෙට (11) දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි

අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පවසන්නේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, සියලුම විදුහල්පතිවරුන්ට, පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත එම චක්‍රලේඛය නිකුත් කරන බවයි.

ඒ අනුව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඒ ඒ පාසල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සැලැස්මක් සකස් කර ගන්නා ලෙසටත්, යළි පාසල් ආරම්භ කරන විට සිසුන්ගේ දෙමාපියන් පළමු සතියේ පාසලට කැඳවා සැලැස්මක් සකස්කර ගත යුතුව ඇති බවටත් එමගින් දැනුම් දෙනු ඇති. ‍එම සැළසුම සකස් කර ගන්නා ආකාරය පිළිබඳවද හෙට නිකුත් කරන චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබේ.

විෂබිජහරණය, සිසුන්ට ජලය ලබා ගැනිමට නළ මාර්ග, පන්ති කාමරයේ සිටිය යුතු සිසුන් සංඛ්‍යාව වැනි කරුණු නිකුත් කරන උපදෙස් මාලාව ඇතුළත් චක්‍ර ලේඛයේ සඳහන් බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *