හෙට සිට දින කිහිපයක් යනතුරු සාමාන්‍ය ජනයාට පොදු ප්‍රවාහන පහසුකම් සැපයෙන්නේ නෑ

ඇඳිරි නීතිය ලිහිල් කර පුද්ගලික හා රාජ්‍ය අංශයේ වැඩ කටයුතු සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව ආරම්භ කළද සාමාන්‍ය ජනතාවට දින කිහිපයක් යනතුරු පොදු ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු නොකරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පොදු ප්‍රවාහන පහසුකම් සපයනු ලබන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරී සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *