පසුගිය ඔක්තෝබර් මස ආරම්භයත් සමගම ඇතිවූ කොවිඩ් දෙවැනි රැල්ලෙන් ඊයේ (13) වන විට 39 දෙනෙක් මිය ගොස් තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්වූ ආසාධිතයින් අතුරින් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය. එම සංඛ්‍යාව 25කි. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ අය අතරින් 10 දෙනෙක් අවුරුදු 40-50 සීමාවේ අය වේ.
කොවිඩ් දෙවැනි රැල්ලෙන් මියගිය පුද්ගලයන් 39 දෙනාගෙන් 21 දෙනකු පිරිමි වන අතර ඉතිරි 14 දෙනා කාන්තාවන් වේ.