අද සිට උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම online ක්‍රමයට

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අද (12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.

ඒ අනුව, www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක්(10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් 2020.06.12 දිනට පෙර යොමු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *