ඇදිරිනීතිය පැනවු පසුගිය මාර්තු 20 වන දින සවස 6 සිට අද (17) උදෑසන 6 දක්වා ගතවූ කාලය සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 56,326ක් බවත්, පොලිස් භාරයට ගත් සමස්ත වාහන සංඛ්‍යාව 15,490 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
එමෙන්ම මාර්තු 18 වනදා සිට අද දක්වා ගතවූ කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 13,556 ක් පනවා ඇති අතර නඩු පැවරීම්වලට අදාළ දඩුවම් නියම කිරීම් 5,221 ක් ද සිදු කර තිබේ.
මේ අතර ඊයේ (16) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වු පැය 24 තුළ දී පමණක් පුද්ගලයින් 620 ක් හා වාහන 274 ක් අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් නිවේදනය කරයි.