කුසල්

කුසල් – මාලිංග සම්මානයෙන් පිදුම් ලබයි

ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවිය වන ‘cricinfo’ වෙබ් අඩවිය විසින් කරනු ලැබූ තෝරාගැනීම අනුව 2019 වසරේදී ටෙස්ට් පිතිකරුවකු කළ විශිෂ්ටතම ඉනිම ලෙසින් කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවේදී ලබාගත් ලකුණු 153 නම්කර තිබේ. වසරේ හොඳම විස්සයි-20 පන්දු යැවීම ලෙසින් නවසීලන්ත පිලට එරෙහිව ලසිත් මාලිංග පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ලකුණු 06 කට කඩුලු 5 ක් දවාගැනීම තෝරාගනු ලැබ ඇත.

ටෙස්ට් පිතිකරුවකුගේ වසරේ හොඳම දස්කම තෝරා ගැනීමේදී කුසල් ජනිත් පෙරේරාට අමතරව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්,
ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ඇතුළු තවත් ක්‍රීඩකයින් 6 දෙනෙකුගේ නම් යෝජනාවී තිබු අතර 2019 පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 153 ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට කුසල් පෙරේරා සමත්වීම හුදෙක් 2019 වසර සඳහා පමණක් නොව, වසර 142 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාම පිතිකරුවකු විසින් කරන ලද හොඳම දස්කමක් ලෙස වාර්ථා අතරට එක්වේ.

නවසීලන්තයට එරෙහිව පල්ලේකැලේහිදී පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී නිලකුණු ඕවරයක්ද සමගින් සිය ඕවර 4 ලකුණු 06 කට සීමා කළ ලසිත් මාලිංග කඩුලු 5 ක් දවාගනිමින් ගෙවීගිය වසරේ හොඳම විස්සයි පන්දු යැවීමේ දක්ෂතාව දැක්වීය. එම තරගයේදී පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගත් මාලිංග විස්සයි20 අන්තර්ජාතික තරගයක එකම ඕවරයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් පළමු පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. එක්දින සහ විස්සයි20 තරග ඉතිහාසයේ පන්දු 4 කදී කඩුලු 4 බැගින් දවාගත් පළමු සහ එක්ම පන්දු යවන්නා ලෙසද ලසිත් මාලිංග වාර්තා පොත් අතරට එක්වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *