කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අතර කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක් ද සිටින බවත් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටී.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසා සිටියේ කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා රෝගය ආසාදනය වු බවට තහවුරුවූ බවත්, ඉන් එක් වෛද්‍යවරියක්ගේ ස්වාමිපුරුෂයාට රෝගය වැළඳී ඇති බවට මුලින්ම තහවුරු වූ බවයි. අනතුරුව ඇයගේ දරුවාටත් බාල දියණිය සහ ගෘහ සේවිකාවට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඔවුන් කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත පිටත් කර යවා ඇති බවත් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටී.