Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කාර්යක්ෂම සේවයක් සපයන “සුවසැරිය” සේවකයන්ට කුඩම්මාගේ සැලකිලි

කාර්යක්ෂම සේවයක් සපයන “සුවසැරිය” සේවකයන්ට කුඩම්මාගේ සැලකිලි

සුවසැරිය ගිලන් රථ සේවකයන් කිසිවෙකුගේත් පී.සී.ආර්. පරීක්ෂණ මේ දක්වා සිදුකර නොමැති බවත්, එම තත්වය මත සුවසැරිය සේවකයින්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් සුවසැරිය සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්‍රියංගනා මහත්මිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් වෙත මේ බව දන්වා සිටියත් PCR පරීක්ෂණ සිදුකළහොත් මෙම සේවකයන්ගේ මානසික මට්ටම පහළ යනු ඇතැයි පවසමින් ඔවුන් එම ඉල්ලීම නොසලකා හැරිය බවත් සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

ඇය පවසා සිටින්නේ මෙම සේවකයන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීමට හෝ නිසි වැඩපිළිවෙළක් අදාළ බලධාරීන් විසින් සකස් කරදී නොමැති බවත්, එවැනි පසුබිමක් මත සේවකයන් නවාතැන් ගන්නේ පොලිස් ස්ථාන, පල්ලි, කච්චේරි, පන්සල් වැනි ස්ථානවල බවත්ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එදිනට පසු දිනයේම ඔවුන්ට සිය රැකියාව අහිමි වූ බවත් ඇය පවසා සිටියි.

ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ සුවසැරිය සේවාවේ කාර්යක්ෂමතාවට උපරිම දායකත්වය සපයන සේවකයන්ට ඉතාමත් අමානුෂීය ලෙසට සලකන බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *