ක්‍රීඩා ආයතනවලට අදාළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරයි.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ක්‍රීඩා ආයතනවලට අදාළ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා ආයතන කිහිපයක් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි අද මෙම නියෝගය නිකුත් කෙරුණේ.

යෝජිත නව රෙගුලාසි මගින් වයස අවුරුදු 70 ට වැඩි අයට, පිට පිට දෙවතාවක් ජනාධිපති ධුර දැරූ අයට, වසර අටක් විවිධ තනතුරු දැරූ අයට සහ දූෂණ චෝදනාවලට වරදකරුවන් වූ අයට මැතිවරණවලට සහභාගි වීම වළක්වා තිබුණි. ක්රීඩා පාලන ආයතන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *