කළුතර ප්‍රදේශ රැසක අරාබි නාම පුවරු

කළුතර ප්‍රදේශයේ මංමාවත්වල සහ විවිධ ආයතන රැසක අරාබි අක්ෂර භාවිත කරමින් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇති බවත් වහා ඒවා ඉවත් කරන ලෙසත් ඉල්ලා කළුතර සිංහල බෞද්ධ ව්‍යාපාරික
වෘත්තීයවේදි සංගමයේ සභාපති ජාමුනි සමන්ත තුෂාර මහතා කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා‍ වේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල, දෙමළ හා ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි බවත් ඊට පටහැනි ලෙස අරාබි අක්ෂර යොදාගෙන කල්ලී පෙදෙස, අල්විස් පෙදෙස, කළුතර ගාලු පාර වෙටුමකඩ, යොන් විදියේ මුස්ලිම් කාන්තා විදුහල, අල්මිස්ගගුල් හස්නියා අරාබි විදුහල මෙන්ම එම ප්‍රදේශවල ආපන ශාලාවල, රජයේ විද්‍යාලවල අරාබි අක්ෂර සහිත නාම පුවරු ප්‍රදර්ශනය කර ඇතැයි සභාපතිවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

(උපුටා ගැනීම – gossiplankanews.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *