Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කර්මාන්තශාලා පවත්වාගෙන යනවානම් මේවා පිළිපදින්න…

කර්මාන්තශාලා පවත්වාගෙන යනවානම් මේවා පිළිපදින්න…

ආයෝජන මණ්ඩලය (Board of Investment) යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුගමනය කලයුතුව ඇත.

ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ, එම්.කේ.ඩී ලෝරන්ස් මහතා සදහන් කලේ අපනයන ආදායම සදහා ඍජුව බලපාන මෙම කර්මාන්තශාලා වසා දැමීම සිදු කල නොහැකි බවත් සෞඛ්‍යාරක්ෂිතව එම කටයුතු පවත්වාගෙන යාම සඳහා උපදෙස් දී ඇති බවය.

1800කට ආසන්න ව්‍යාපෘති ප්‍රමානයක් මේ වන විට ආයෝජන මණ්ඩලය යටතේ පවතී.2019 වසරේ මෙරට අපනයන ආදායමෙන් 70%ක ප්‍රමාණයක් උපයාගෙන ඇත්තේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති හරහාය එය ඩොලර් බිලියන 7.9ක් වේ.

මෙවර කොරෝනා රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමනක් වෙලද කලාප 5ක් (කටුනායක, බියගම, මල්වත්ත, වතුපිටිවල සහ මීරිගම) පවතින අතර එහි 80000 අධික සේවක සේවිකාවන් ප්‍රමාණයක් සේවය කරමින් සිටී.

කෙසේවෙතත් කර්මාන්තශාලාවල කටයුතු නවතා දැමීමට නොහැකි පසුබිමක එම කර්මාන්තශාලා තුළ වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනම මාර්ගෝපදේශ මාලාවක් ලබාදී තිබේ.

එම මාර්ගෝපදේශ මාලාව පහත සදහන් පරිදි වේ

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති මුඛ ආවරණ පැළඳ  සිටීම, නිරන්තරයෙන් සබන් යොදා දෑත් සේදිම සහ ශාරීරික දුරස්ථභාවය පවත්වාගැනීමට අමතරව තවත් මාර්ගෝපදේශ ගණනාවකට අනුගතවීමට කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට උපදෙස් දී තිබේ.

යන්ත්‍ර සූත්‍ර මතුපිට දිනකට අවස්ථා කිහිපයකදී මධ්‍යසාර අන්තර්ගත දියරයකින් පිරිසිදුකර විෂබීජහරණය සිදුකළ යුතුවේ.

දිවා ආහාරය අතරතුරදී ආපනශාලාවල රැඳීසිටීමට අවසර හිමිවන්නේ මීටරයක පරතරයක් පවත්වාගනිමිනි.

එමෙන්ම සැකසහිත රෝග ලක්ෂණ සහිත සේවකයෙක් හමුවූ විගස ඔහු හෝ ඇය වහාම කර්මාන්තශාලා පරිශ්‍රයේම පෞද්ගලික වැසිකිළි පහසුකම් ද ඇති කාමරයක නිරෝධායනයට යොමුකර එම අවස්ථාවේ ම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කළ යුතු වේ.

සේවයට වාර්තා කරන සියලු සේවකයන්ගේ නිවැරදි තොරතුරු රැගත් ලොග් පොතක් පවත්වාගෙන යා යුතුය

අත්‍යාවශ්‍ය නොඅවන සියලු පුහුනු වැඩසටහන් නොපැවත්විය යුතුය

සියලුම දොරවල් සෑම පැය තුනකට වරක්වත් විෂබීජහරණයට ලක්කල යුතුය. මුඛ ආවරණ ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩිලෙස අනුගමනය කිරීම ද අනිවාර්යයෙන් කළ යුත්තක් වෙයි.

විදෙස්ගතවීමෙන් පසු කර්මාන්තශාලාවට යමෙකුට පැමිණිය හැක්කේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් නිකුත් කරන නිරෝධායන සහතිකයක් ඇතිනම් පමනයි.

කොවිඩ්-19 ආසාදිතයෙක් හඳුනාගතහොත් ආයතනය තුළ ඔහුගේ හෝ ඇයගේ සමීපතමයින් සියලුදෙනා නිරෝධායනයට යොමුකළ යුතු අතර ඔවුන්ගේ PCR පරීක්ෂණවලින් අසාදිතයින් ලෙස හඳුනානොගත්ත ද නිසි දින 14 ක කාලය සම්පූර්ණවීමට පෙර ඔවුන් කිසිවෙක් යළි සේවයට කැඳවා නොගතයුතුය.

කර්මාන්තශාලාව තුළ කොව්ඩ්-19 ආසාදිතයෙක් හඳුනාගත් අවස්ථාවක ආසාදීතයා ඊට පෙර පැය 48 තුළ ගමන්කළ සියලු ස්ථාන විෂබීජහරණය සඳහා වසාදැමිය යුතුවේ.

සේවකයින් කිහිපදෙනෙක්ම කොවිඩ්-19 අසාදිතයින් බවට හඳුනාගැනුණහොත් සම්පූර්ණ ගොඩනැගිල්ලම පැය 48ක කාලයකට වසා තබා විෂබීජහරණය සිදුකළ යුතුය

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *