කඩිනමින් පොහොර සපයා ගැනීම සදහා චීනයෙන් පොහොර ආනයනය කෙරේ

රට පුරා වී සහ අනෙකුත් බෝග වගාකරුවන් පොහොර සපයා ගැනීම පිළිඹද ගැටලුවකට මුහුණ පා ඇති බැවින්, කඩිනමින් පොහොර සපයා ගැනීම අත්‍යාවශ්‍ය බැවින් චීනයෙන් පොහොර ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා පවසයි.

දැනට ආනයනය කෙරෙන පොහොර සමග සසඳමින් පසට අවම හානිදායක පොහොර මෙලෙස ආනයනය කිරීමට පොහොර ලේකම් කාර්යාලය සූදානම් වේ.

චීනයෙන් පොහොර ආනයනය කිරීමට සැලසුම් කළත් දැනට ඩුබායි සහ පාකිස්ථානයෙන් ඇනවුම් කර ඇති පොහොර තොග නියමිත පරිදි මෙරටට ගෙනඑන බවත්, ඉදිරි සති දෙකක කාලය ඇතුළත නෞකා දෙකක් නිශ්කාශනය කරමින් දැනට පවතින පොහොර අර්බුදය විසඳීමට කටයුතු කරන බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දැනට මතුව ඇති පොහොර හිඟයට හේතු වී ඇත්තේ කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් සැපයුම් ජාලවලට බාධා ඇතිවීම, ඇතැම් පෞද්ගලික ආනයනකරුවන්ට නියමිත වේලාවට මුදල් නොගෙවීම, ශ්‍රම හිඟ බව සහ කඩිනම් සැපයුම් හේතුවෙන් බෙදාහැරීමේ අපහසුතා යන කරුණු බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *