කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ආසාදිතයන් 64ක්

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින  කොරෝනා ආසාදිතයන් 64 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව මේ දක්වා එම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 1,903 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.

කටුනායක පිහිටි රජයේ සහ පුද්ගලික අංශයේ ආයතන කිහිපයක සේවක සේවිකාවන් ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම අද දින මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ආසාදිතයින් 152ක්, බියගම කොට්ඨාසයෙන් 95ක්, වත්තල කොට්ඨාසයෙන් 69ක් වශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වී සිටිති.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ 2,460 ක් අද දින සිදුකර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *