Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

එදා බෝසතාණන් දුෂ්කර ක්‍රියා කළාක් මෙන් අද ජනතාවට දුෂ්කර ක්‍රියා කරන්න සිදු වෙලා – රංගේ බණ්ඩාර

එදා බෝසතාණන් දුෂ්කර ක්‍රියා කළාක් මෙන් අද ජනතාවට දුෂ්කර ක්‍රියා කරන්න සිදු වෙලා – රංගේ බණ්ඩාර

මේ වනවිට කොළඹ ජනතාව කෑම ඉල්ලා පාරට බැසීමට සිදුව ඇති බවත්, සෞඛ්‍ය විෂයට ඇමැතිවරුන් හතරක් පත් කර තිබියදීත් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් හිටපු ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පුත්තලමේදී පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන අමතමින්.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පවසි සිටී.

“එදා බෝසතාණන් වහන්සේ සත්‍ය අවබෝධ කර ගැනීමට සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළාක් මෙන් අද මෙරට ජනතාවට පස් අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටියදී රටේ දේපළ චීනයට සින්නක්කරව ලබා දුන්නා. ශ්‍රැන්ග්‍රිලා හෝටලය ඉඳි කිරීමට හමුදා මූලස්ථානය පිහිටි භූමියත් කොළඹ වරාය නගරය ඉඳි කිරීමට කොළඹින් තවත් භූමියකුත් ලබා දුන්නා. මහින්ද මහත්තයා වැඩි දවසක් නොගිහින් පුත්තලමින්ද සින්නක්කරයට චීනයට ඉඩම් ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හතර වැනි අදියර ඉඳි කිරීම සඳහා චීන සමාගමකට භූමිය ලබා දීමට කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒවායේ කිසිම අයිතියක් අප රටට හිමි වන්නේ නෑ.

ඒ ලබා දුන් ඉඩමේ නිෂ්පාදනය කරන විදුලි බලයත් මුදල් දී ලබා ගැනීමට අප රටට සිදු වෙනවා. මහජන උපයෝගීතා කොමිසම් සභාව වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළේත් ඉඩම සින්නක්කරයට විකිණීම සඳහා බාධාවක් වූ නිසායි.”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *