ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 5 සම්බන්ධ විස්තර

ඊයේ (17) දිනයේ මෙරටින් කොවිඩ් ආසාධිත මරණ 5ක් වාර්තා විය. ඒ සමගම මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාධනය වී ඊයේ දිනයේ මියගිය පුද්ගලයින් 5 දෙනා පිළිඹද විස්තර පහත පරිදි වේ.

  • රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනය සමඟ කොවිඩ්-19 ආසාදනය වීමයි.
  • කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගැනීමෙන් පසු පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට සහ ඉන් පසුව වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සමඟ කොවිඩ්-19 ආසාදනය වීමයි.
  • කිරුළපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගය කොවිඩ්-19 ආසාදනය සමඟ උත්සන්න වීමයි.
  • කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ නියුමෝනියාව වැළඳීමයි.
  • දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිඩ්-19 ආසාදනය වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *