අමු මාළු කන්න එපා, වෙදආරච්චි මන්ත්‍රීවරයා අමු මාලු කෑම නරක පූර්වාදර්ශයක් – වෛද්‍ය පාදෙණිය

මාළුන්ගේ සම තුළ බැක්ටීරියාවන් සහ කෘෂුද්‍ර ජීවී වර්ග මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියට දැඩි ලෙස හානි කළ හැකි බැවින් මාළු අමුවෙන් කෑම මගින් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා මාළුවෙකු අමුවෙන් ආහාර ගැනීම මෙරට දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බවයි.

එබැවින් මාළු ආහාරයට ගන්නේ නම් හොදින් සෝදා පිරිසිදු කර පිසගෙන ආහාරයට ගැනීම අනිවාර්ය බවත් වෛද්‍යවරයා මහජනතාවට දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *