ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 798ක්

ඊයේ දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 798 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇත. ඉන් 567 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ආශ්‍රිතයින් බවත්, 230 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් බවටත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

එමෙන්ම විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුද නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ඊයේ වාර්තා වූ ආසාධිතයින් 798 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයින් ගණන 29,379ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් ආසාධිත වී පූර්ණ සුවය ලද සංඛ්‍යාව 21,258ක් වන අතර දැනට රෝහල් ගත කර සිටින ආසාදිතයින් සංඛ්‍යාව 7,979ක්.

මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 25,822ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *