ඉන්ධන මිල සහනය සම්බන්ධයෙන් ඇමති කරුණු ඉදිරිපත් කරයි.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ලබන මාසයේදී ඉන්ධන මිලෙහි සැලකිය යුතු අඩුවීමක් සිදුවනු ඇති බවයි.

දෙසැම්බර් මාසයේදී විදුලි බිලට සහන ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.

“බොර තෙල් මිල අඩු වෙනවා වගේම රුපියල ශක්තිමත් වෙනවා. ඉන්ධන මිල සහනයක් ලබාදෙන්න කියලා ජනාධිපතිතුමා මට දැනටමත් උපදෙස් දීලා තියෙනවා.” යැයිද අමාත්‍යවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *