අප්‍රේල් උත්සව සමය වෙනුවෙන් සංශෝධිත ඉන්ධන කෝටාව සංශෝධනය නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අප්‍රේල් මාසයේදී ඉහළ දැමූ ඉන්ධන කෝටාව නොවෙනස්ව පවතින බවයි.
මේ වන විට මෝටර් රථ, විශේෂ කාර්ය වාහන සහ ගොඩබිම් වාහන සඳහා ලීටර් 30 ක ඉන්ධන කෝටාවක් ද, ත්‍රිරෝද රථ සඳහා ලීටර් 08 ක් ද, යතුරුපැදි සඳහා ලීටර් 7 ක් ද, බස් රථ සඳහා ලීටර් 60 ක් ද වෙන් කර ඇත.
විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සමාලෝචන රැස්වීමකදී ඉන්ධන කෝටාව වෙනස් කිරීම මාසික ඉන්ධන ඉල්ලුමට බලපා නොමැති බව අනාවරණය වූ බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්ධන කෝටාව වෙනස් කිරීම දෛනික ඉන්ධන බෙදා හැරීමට බලපා නොමැති බවත් අප්‍රේල් මාසයේ ඉන්ධන කෝටා සංශෝධනයට පෙර සිදු වූ තත්ත්වයට සමාන බවත් දත්ත මගින් සනාථ වී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඉන්ධන කෝටාව වැඩි කිරීම හේතුවෙන් QR කේත අවභාවිතය අඩු වී ඇති අතර QR කේතය භාවිතා කරමින් ඉන්ධන මිලදී ගැනීමේ පුරුද්දට ජනතාව මේ වනවිට වැටී ඇති බවද අමාත්‍යාංශය අනාවරණය කළේය.