ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14 වැනි දින මාතලේ මහාධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

ජාත්‍යන්තර ත්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමට එරෙහිව දකුණු ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවරූ ප්‍රථම අධි චෝදනා නඩුව 14දින කැඳවීමට නියමිත බවට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ක්‍රීඩකයාට බලපෑම් කළේ යැයි චෝදනා කරමින් 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම අධි චෝදනා නඩුව නීතිපතිවරයා විසින්ගොනුකර ඇති බවද සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *