ගාසාව යුද්ධයෙන් වසර 45 ආපස්සට

ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් පසුගිය වසර හතළිහ පුරාවට අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව සියළුම පුද්ගල සංවර්ධන අංශවලින් ගාසා තීරයේ ජනතාව ලැබූ ප්‍රගතිය මේ වන විට ඔවුන්ට අහිමි වී ඇති බවත් ගාසා තීරයේ ජනතාව නැවතත් 1980 දශකයට ගමන් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අරාබි රාජ්‍යයන් සඳහා කලාපීය කාර්යාංශ අධ්‍යක්ෂක අබ්දුල්ලා අල් ඩර්දාරි ප්‍රකාශ කළේය

දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව සිදුවූ දරුණුතම විනාශය ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයට සිදුව ඇති බවත් ගාසා තීරය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පන්දහසක මුදලක් වැය කිරීමට සිදු වනු ඇති බවත් අල් ඩර්දාරි පැවසුවේය.

ගාසා තීරයේ නිවාස වලින් සියයට හැත්තෑවක් පමණ විනාශ වී ඇති බවත් ඒ හේතුවෙන් ටොන් මිලියන තිස්හතක සුන්බුන් ගාසා තීරයේ ගොඩ ගැසී ඇති බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *