ඉන්දියාවේ හා නේපාලයේ රැදි සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

විදේශ රටවල රැදි සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (24) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතයි. ඒ අනුව ඉන්දියාවේ කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 ක්, නේපාලයේ කත්මණ්ඩු සිට පුද්ගලයින් 93 දෙනෙකුත් අද (24) මෙරටට රැගෙන එන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වාර්තා කරන්නේ.

දිවයිනට පැමිණීමෙන් පසු ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ශ්‍රි ලංකා යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතයි.

මේ අතර ඉන්දියාවේ අමරිට්සර් හි සිට සිසුන් 101 දෙනෙකුද ඊයේ දිනයේ දිවයිනට පැමිණියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *