මැතිවරණය

ඇල්පිටිය පුංචි ඡන්දය අදයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද(11) පැවැත්වීමට නියමිතය. ඒ අනුව අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්දදායකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්තාව ලබාදී තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තෝරා පත්කරගනු ලබන සභික සංඛ්‍යාව 28 කි.

එම සංඛ්‍යාවෙන් 17ක් කොට්ඨාස මට්ටමින් තෝරාපත් කරගනු ලබන අතර සමානුපාතික නියෝජනය යටතේ පත්කරගන්නා සභික සංඛ්‍යාව 11කි. ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්දය පැවැත්වෙන අතර එම මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

ඇල්පිටිය මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අද රාත්‍රී 10 වනවිට ලබාදීමේ හැකියාවක් ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *