අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දේහයට ජනපති අගමැති අවසන් ගෞරව දක්වති.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අපවත් වී වදාළ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදහන පූජෝත්සවයට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) සහභාගී විය. ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී ඊයේ සිදු කෙරිණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා නායක හිමිවරුන්ගේ සහ අනුනානයක හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ආදහන පුජෝත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරු සහ මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *