ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සඳුදා සිට ඇරඹෙයි

ලබන සඳුදා (11) සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව සිය දෛනික රාජකාරි ඇරඹීමේදී සේවාවන් ලබා ගන්නා මහජනතාව වෙත පිළිපැදිය යුතු උපදෙස් මාළාවක් නිකුත් කර තිබේ. ඒ අනුව එක් එක් සේවා සඳහා දින වෙන් කරවා ගැනීමේදී දුරකථන සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ සිදුකර ගැනීම අනිවාර්ය වී තිබේ.

එමෙන්ම සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාව ඇඳිරි නීති සමයේ පිළිපැදිය යුතු සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නියමයන් පිළිපැදිය යුතු බවද දෙපාර්තමේන්තුව දන්වා සිටි.

දෙපාර්තමේන්තුව විසින් ලබන 11 වැනිදා සිට රජයේ නිවාඩු දිනයන් හැර අනෙක් සියළුම දිනවලදී මහජනතාව වෙත සේවා සැපයෙන අතර අදාළ සේවා සඳහා දින වෙන් කරවා ගැනීමේදී අනුගමනය කළ යුතු දුරකථන සහ අන්තර්ජාලය හරහා දින වෙන් කර ගැනීමේ ක්‍රමවේදයන් පිළිඹදව නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *