අර්ජුන් මහේන්ද්‍රන් ජනවාරියේ ලංකාවට ගේන්න සූදානම් – තිලංග

2020 ජනවාරි මස අවසන් වීමට පෙර ,හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට රජය සැලසුම් කර ඇති බව වාර්තාවේ.

ඒ වෙනුවෙන් සිංගප්පුරු රජයේ අදාළ බලධාරීන් සමගද සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මාධ්‍ය වෙත පැවසීය .

ඒ අනුව එම සාකච්ජා අවසන් කර අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ අංශ ක්‍රියාත්මක වනු ඇති බවද සුමතිපාල මහතා මෙහිදී පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *