Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අනුර කුමාර සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදක්වයි – ක්ෂේත්‍ර 8කින් ප්‍රතිපත්ති ප්‍රකාශ 8ක්

අනුර කුමාර සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදක්වයි – ක්ෂේත්‍ර 8කින් ප්‍රතිපත්ති ප්‍රකාශ 8ක්

වර්තමාන දේශපාලන වේදිකාවේ ඇත්තේ ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කරන ක්‍රමවේදයක් නොව දේශපාලනය විසින් නිර්මාණය කරන ලද ගැටලු පමණක් සාකච්ඡා කරන ක්‍රමවේදයක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට අද(15) පෙරවරුවේ එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීම ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරුණි.

මෙහිදී අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, අපේ ජාතිය සුවපත් කිරීම සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය වැඩපිළිවෙල හා ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇති බවයි.

අද අපේ රටේ දේශපාලන සංවාද ඇත්තේ “තොණ්ඩමන් සහය දුන්නේ කාටද?“ වැනි කාරණා මත බවද කියා සිටියේය. ජනතාවට එවැනි දේ වැදගත් නොවන බවත් පැවසු අනුර කුමාර මහතා, එවන් දේ ජනතා ප්‍රශ්න නොවන බවත් පැවසීය. අභියෝගය වන්නේ ජනතාවගේ ජන ජිවිතය සමඟ සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න පිළිබඳ කථා කිරීම බවද ඔහු සඳහන් කළේය.

එනිසාම විවිධ විෂය ක්ෂේත්‍ර 8ක ප්‍රතිපත්ති ප්‍රකාශන වෙන වෙනම එළිදැක්වීමට කටයුතු කරන බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *