චම්පික තොරතුරු තාක්ෂණවේදීන්ට වැරදුණු තැන කියයි

පසුගියදා නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියකදී ජනතාව නොමග යවමින් රොබෝ තාක්ෂණය සම්බන්ධව කළ ඉදිරිපත් කිරීම පිළිබඳ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් බොරු ප්‍රචාර කර ජනතාව නොමග යවා ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ බව සඳහන් කරමින් පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ වීඩියෝවක් මිස එය රොබෝ තාක්ෂණයක් නොවන බව ඔහු සඳහන් කරයි. තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා ඇති පරිදි තමන් මහජනතාව මුලාකිරීමට එවන් විශේෂ තාක්ෂණයක් යොදා නොගනිමින් කළ වීඩියෝවක් පෙන්වා ඇතැයි කීම මුළාවක් බවද කෘතිම බුද්ධිය යනු රියදුරකු නොමැතිව වාහනයක් පැදවීම වැනි දෙයක් බවද පෙන්වා දේ. සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන් වීඩියෝව කෘතිම බුද්ධිය සම්බන්ධවූවක් නොවන බවත් ඔහු පැහැදිලි කිරීමට උත්සාහ කළේ වර්ණ සහිත ඩෑෂ් බෝඩ් එකක් හරහා ඉලක්කයන් ළඟා කරගන්නා ආකාරය පිළිබඳ බවද ඇමැතිවරයා පෙන්වා දේ. ඔහු එම ගැටලු සම්බන්ධයෙන් නිලධාරියකු හා දුරකථන ඇමතුමකින් සම්බන්ධවී පිළිතුරු දීමට බැලූ බවත් අනෙක් පස සිටියේ නිලධාරියකු මිස කෘතිම බුද්ධියක් නොවන බවත් ඔහු සඳහන් කර සිටී.

https://bit.ly/2qhZrbM

 

Leave a Reply

Your email address will not be published.