LK reports news sinhala

අධික වැසි ජන ජීවිතයට බාධා කරයි

දැනට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවල සුළු ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

දකුණු, සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ප්‍රදේශ රැසකට ඉකුත් පැය 24 තුළ මි.මී. 100 ඉක්මවූ තද වර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණ වාර්තා පවසයි.

මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ජලගැලීම් තත්වයන් ඇති වී තිබේ.

‍දක්ෂිණ අධිවේගී මාර්ගය කොක්මාදූව සහ නලවාන ප්‍රදේශවලින් අද පස්වරුවේ යටවී තිබු අයුරු දක්නට ලැබුණි.

ගිං ගඟේ බද්දේගම ජල මාපාංකය අද පස්වරුව වනවිට මිටර් 3.8 ක් ලෙස සටහන්ව තිබිණි.

මේ අතර ගාල්ල නගරයේ මාර්ග කිහිපයක්ම අද පස්වරුව වනවිටත් ජලයෙන් යටවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස ප්‍රදේශයේ පෝරුතොට, අගලකඩ, පානදුගම, මාරගොඩ ආදී පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අයුරුද දක්නට ලැබුණි.

බදුල්ල ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග උමා ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මේ අතර පවතින අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් රාවණා ඇල්ලෙහි දිය පහර ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන තිබේ.

අධික වර්ෂාවත් සමඟ කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තද බදයක් ඇති වි ඇති අතර බොරැල්ල,දෙමටගොඩ, බේස්ලයින් පාර, ග්‍රෑන්ඩ්පාස් පෙදෙස සහ ඔරුගොඩවත්ත හංදිය යන ප්‍රදේශවල එලෙස වාහන තදබදයක් ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *