ගුරුකන්දේ අන්තවාදීහු අද විරෝධය පා මහපාරේ

මුලතිව් ගුරුකන්ද විහාරයේ නාහිමියන්ගේ ආදාහනය සිදුකළ ආකාරයට විරෝධය පා කෝවිල් භාරකාර මණ්ඩලය අද(24)
මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරු සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක්ද සමගින් දහවල් 11.00 ට මුලතිව් නගරයේ විරෝධතා පෙළපාලියක් සංවිධානය කර ඇතැයි වාර්තාවේ.

මුලතිව් පැරණි රෝහල (උන්නාව්පිලව් රෝහල) අබියසින් ආරම්භ වන මෙම පෙළපාලිය මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කොට එම ස්ථානයේදී විරෝධතාවයක් පවත්වන බව සංවිධායකයින් ප්‍රකාශ කර ඇත.

මේ විරෝධතාවය සංවිධානය කොට ඇත්තේ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහනය අධිකරණ නියෝග නොතකා විහාරස්ථාන භූමියේම ආදාහනය කිරීමට එරෙහිවයි.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයට නුදුරින් පිහිටි ගණදෙවි කෝවිලේ බාරකාර මණ්ඩලය මෙම විරෝධතාවය සංවිධානය කර ඇති අතර තවත් අන්තවාදීන් රැසකගේ සහාය ඊට ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *