අද දින මේ වන විට හුදෙකලා කළ ප්‍රදේශ

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා කරන බවය.

එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශය ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කෙරේ.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර යන ග්‍රාම නිලධාරි වසම ද මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම කලවාන ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *