Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට එන්න – අක්ෂි රෝහල් අධ්‍යක්ෂ

අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට එන්න – අක්ෂි රෝහල් අධ්‍යක්ෂ

කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර හා අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලට එක් දිනකට ප්‍රතිකාර හා සේවාවන් ලබාගැනීම සදහා පුද්ගලයින් 3000 ක් පමණ පැමිණෙන බවත්, මෙවන් ඉතා විශාල සේවාලාභීන් පිරිසක් එක් ස්ථානයකට ඒකරාශි වීම තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවත් එතුමිය පෙන්වා දෙයි.

රට තුල මෙම වෛරසය ව්‍යාප්තිය වැළෑක්වීම උදෙසා ජනතාව විශාල වශයෙන් රැස්වන අවස්ථා හැකි උපරිමයෙන් සීමා කිරීමට රජය තීරණය කර ඇති බැවින්‍‍‍ හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර හා අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණීම ඉතා සුදුසු බවත්, අක්ෂි රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට තමාට ආසන්නතම රජයේ රෝහලක අක්ෂි සායනය වෙත යොමු වන ලෙසත්ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *