අත්අඩංගුවේ පසුවන මධුෂ්ට මසකට ලක්ෂ 25ත් 30ත් අතර ආදායමක්

2019 පෙබරවාරි මස ඩුබායි හෝටලයකදී පොලිස් අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන්තොටුපළේදීය. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහු සතු යැයි කියන ඩුබායි හෝටලයකින් මසකට රුපියල් ලක්ෂ විසි පහත්, තිහත් අතර මුදලක් උපයා ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇත.

එම හෝටලය කාමර විසි හයකින් සමන්විත හෝටලයක් වන අතර මාකඳුරේ මධුෂ් විසින් එය මිලදී ගෙන ඇත්තේ එහි සිට මෙරටට හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විකුණා ලැබූ මුදල් වලින් බව හෙළිවී ඇත. ඔහු මෙම හෝටලය මිලදි ගෙන ඇත්තේ
ඉන්දියානු ජාතික හිතවතකු මාර්ගයෙන් බවත් පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *