හෝටල් පිහිනුම් තටාකයක ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට…

වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඝාතනයට ලක්ව ඇත්තේ ගලගෙදර ප්‍රදේශයේ 10 ශ්‍රේණියේ පාසල් සිසුවෙකු වන අතර ඔහු සඳලංකාව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අයෙකි.

මාකඳුර ප්‍රදේශයේ උපකාරක පන්තියක සිට පාසල් සිසුන් 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ විනෝද චාරිකාවක නිරත වෙමින් සිටියදී පාසල් සිසුවා සෙසු සිසුන් සමඟ පිහිනුම් තටාකයේ පිහිනමින් සිටි බවටයි අනාවරණ වී ඇත්තේ.

වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *